Sinhala Novel Kaala Nadee Gala Basee

£7.19 £8.99
Shipping calculated at checkout.
Only 2 in stock

Sinhala Novel Kaala Nadee Gala Basee | කාල නදී ගලා බසී

හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප්‍රකාශන ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණසේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද්‍ය රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග්‍රහය, 'සිළුමිණ', 'දිනමිණ', 'තරුණි', 'යොවුන් ජනතා', 'නවලිය', 'විචිත්‍ර', 'කලා', 'රසඳුන', 'සළරුව', 'සරසවිය' සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප්‍රකට කරන හෙතම ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු සහ විචිත්‍රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත්‍රපට ප්‍රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරක ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණ විෂයයෙහි ප්‍රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී වැඩසටහන් පිටපත් නිර්මාණයටද පිවිසෙයි. වනසත්ව ජීවිත අලළා පිළියෙල වන ස්වාධීන රූපවාහිනියේ "වයිල්ඩ් ඒසියා" වැඩසටහන් මාලාවේ පිටපත් රචකයා වන්නේද ඔහුය. "කාල නදී ගලා බසී" ඔහුගේ ප්‍රථම නවකතාවයි.

Norbert Ayagamage, who also ventured into creative writing through newspapers and periodicals in the 1970s, won first place in the All Ceylon Inter-School Poetry category held by the National Youth Services Council in 1976. 'Divaina' Sunday Series, 'Silumina', 'Dinamina', 'Tharuni', 'Yowun Janatha', 'Nawaliya', 'Vichithra', 'Kala', 'Rasaduna', 'Salaruwa', 'Sarasaviya' and Radio He is known as a radio playwright and a comedian. He was instrumental in the creation of commercials and radio programs related to film advertising, and later became a television copywriter. He is also the screenwriter of the Independent Television Network 'Wild Asia' series on wildlife. "The River of Time Flows" is his first novel.

Authors: Norbert Ayagamage
Publishers: Fast Publishing (Pvt) Ltd
ISBN: 9789556772487
Language: Sinhala
Cover: Soft Cover